ගෙන්දගම් පොළොව 17: ඔය ළමයි දෙන්න ම දකුණෙ ද...? | ජයසිරිගේ අලුත්ම නවකතාව
කිව්ව වගේ ම විනාඩි දහයක් යන්නත් කලිං සුසන්ත ආයෙ මේ පැත්තට පාර පනිනවා මම දැක්කා. හැබැයි ඈත දි ම මට දැනුණා ගියපු වැඩේ හරි නොගිය බව.

කිව්ව වගේ ම විනාඩි දහයක් යන්නත් කලිං සුසන්ත ආයෙ මේ පැත්තට පාර පනිනවා මම දැක්කා. හැබැයි ඈත දි ම මට දැනුණා ගියපු වැඩේ හරි නොගිය බව.
‘‘මිනිස්සුන්ගෙ ජීවිතේ එහෙම තමයි යසේ... ඔයැයි ගාල්ලෙ කොච්චර කල් හිටියත් මේ වගේ වෙලාවකට එළියට පහළියට එන්න නැතුව ඇතිනෙ. එහේ වුනත් මෙහෙම තමයි යසේ.
‘‘මං දන්නව දැන් ඔයැයි මක්කයි කල්පනා කරන්නෙ කියල. කල්පනා කරන්න දෙයක් නෑ. මෙව්වට කියන්නෙ ප්ලැට්පෝම් ටිකට් (flatform ticket) කියල. මේ ටිකට්වලින් කෝච්චියෙ යන්න බෑ; යන්න තියා කෝච්චියට නගින්නවක්කත් බෑ. හැබැයි ස්ටේසන් එක ඇතුළට ගියෑකි.’’