ඔස්ට්‍රේලියාවේ 16ට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි
ලෝකයේ ප්‍රථම වතාවට, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ රට ලෙස ඔස්ට්‍රේලියාව අද (09) ඉතිහාසයට එක් වේ.

ලෝකයේ ප්‍රථම වතාවට, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ රට ලෙස ඔස්ට්‍රේලියාව අද (09) ඉතිහාසයට එක් වේ.
නැගෙනහිර ජෙරුසෙලමේ පිහිටි එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සි කාර්යාල පරිශ්‍රය ඊයේ (08) ඊශ්‍රායල බලධාරීන් විසින් වැටලීමට ලක් කෙරිණි.
දකුණු ලෙබනනයේ ස්ථාන රැසක හිස්බුල්ලා ඉලක්ක වෙත ඊයේ (08) ඊශ්‍රායල හමුදා ගුවනින් ප්‍රහාර එල්ල කළහ. එම සංවිධානයට අයත් රද්වාන් බලකා පුහුණු පරිශ්‍රයක් ද එම ප්‍රහාර වලින් විනාශයට පත් විය. හිස්බුල්ලා සංවිධානයට අයත් යටිතල පහසුකම්, මිසයිල දියත් කරන මධ්‍යස්ථානයක් ද ගුවන් ප්‍රහාර වලින් විනාශ කළ බව, ඊශ්‍රායල හමුදාව පවසයි.
ගාසා යුද්ධය අවසන් කිරීමේ එක්සත් ජනපද සැලැස්මේ දෙවන අදියර ආසන්න ව ඇතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (07) පැවසීය.
බටහිර ඉවුරේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථ වෙත ගල් ගැසූ පලස්තීනුවන් තිදෙනෙක් වෙත ඊයේ (07), ඊශ්‍රායල හමුදා වෙඩි තැබූහ. ගල් ප්‍රහාර එල්ල කළ එක් පලස්තීනුවකු වෙඩි ප්‍රහාර හමුවේ ඝාතනය වූ බව, එම හමුදා පැවසූහ.
ප්‍රහාරක යානා රැගෙන යන චීන යුද නෞකාවක් සති අන්තයේ ජපානය අසල මුහුදේ හමුදා අභ්‍යාසයක නිරත විය. නෞකාවේ සිට ඉලක්ක ස්ථාන වෙත ගුවන් යාන දියත් කිරීම ද ඊට ඇතුළත් විය.
තායිලන්තය, මත භේදයට තුඩු දී තිබෙන කැම්බෝඩියා දේශ සීමාවට ගුවන් ප්‍රහාර එල්ල කරයි.
රුසියාව සහ ඉන්දියාව අතර මිත්‍ර සබඳතා තර කෙරේ. ඉන්දියාව වෙත බාධාවකින් තොරව, අඛණ්ඩව ඉන්ධන සපයන බව, රුසියානු ජනපති, ව්ලැඩිමිර් පුටින් ඊයේ (05) ප්‍රකාශ කළේය. ජනපති පුටින් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටී. 2022 වසරේ යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ජනපති නව දිල්ලියට පැමිණි මුල් අවස්ථාව මෙය වේ.
ඉරානයේ විප්ලවීය නාවුක හමුදාව ඊයේ (05) ගල්ෆ් මුහුදේ බැලස්ටික් සහ කෲස් මිසයිල අත්හදා බැලූහ. ඒ, විදෙස් තර්ජනවලට මුහුණ දීමේ නාවුක ශක්‍යතා වර්ධනය අරමුණු කරගත් දෙදින යුද අභ්‍යාසයක දී ය.
යුද්ධයට මැදි වූ යුක්රේනයේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂක වැස්ම හානි වී ඇතැයි, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ඒජන්සිය කියයි. 1986 වසරේ එම බලාගාරය විනාශයට පත්වීමෙන් අනතුරුව, විකිරණ කාන්දුව පාලනයට එම ආරක්ෂක වැස්ම ඉදි කෙරිණි.
ජර්මනියෙන් අමතර සබ්මැරීන දෙකක් සහ තවත් දිගු දුර මිසයිල මිලදී ගැනීමට නොර්වේ රාජ්‍යය සූදානම් වේ.
ඉකුත් සතියේ ඉන්දුනීසියාවේ අසේ ප්‍රාන්තයේ සිදු වූ අතිශය ව්‍යසනකාරී නාය යාම් සහ ගං වතුර, මීට වසර 21කට ඉහත සිදු වූ