එක්සත් ජනපද හමුදා සිරියාවේ අයිසිස් ඉලක්ක සොයා පහර දෙති
සිරියාවේ අයිසිස් ඉලක්ක වෙත එක්සත් ජනපද හමුදා ඊයේ (19) දැවැන්ත ප්‍රහාර එල්ල කළහ. එක්සත් ජනපද නිලධාරීන් ඉලක්ක කර සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස එම ප්‍රති ප්‍රහාර දියත් කෙරිණි.

සිරියාවේ අයිසිස් ඉලක්ක වෙත එක්සත් ජනපද හමුදා ඊයේ (19) දැවැන්ත ප්‍රහාර එල්ල කළහ. එක්සත් ජනපද නිලධාරීන් ඉලක්ක කර සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස එම ප්‍රති ප්‍රහාර දියත් කෙරිණි.
චීන තායිවාන ප්‍රදේශය යොදා ගෙන චීනය මර්දනය කිරීමට ඇමරිකාව දරන උත්සාහය නිෂ්ඵල බව චීනය පවසනවා. ඇමරිකානු ඩොලර් බිලියන 11ක වටිනාකමින් යුත් අවි තොගයක් චීනයේ තායිවාන ප්‍රදේශයට අලෙවි කිරීමේ ඇමරිකාවේ සූදානමට ප්‍රතිචාර වශයෙන් මේ බව සඳහන් කර තිබෙනවා.
බංග්ලාදේශයේ ජනප්‍රිය ශිෂ්‍ය ක්රියාකාරිකයකුගේ මරණයෙන් පසු, ඊයේ (18) සිට රැය පහන්වන තුරු දැවැන්ත උද්ඝෝෂණ
බොන්ඩි ප්‍රහාරය අතරේ කුඩා ළමුන් දෙදෙනකුගේ ජීවිත වෙනුවෙන් සිය දිවි පරදුවට තබා ක්‍රියා කළ දැරියක පිලිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. ඇය චායා ඩැඩන් (Chaya Dadon) නම්, 14 හැවිරිදි යුදෙව් ජාතික තරුණ දැරියකි.
ලබන වසරේ ඉතාලියේ ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල (Winter Olympics) පැවැත්වෙන ස්ථානය අසල ප්‍රපාතාකාර ඇල්පයින් පර්වත මුහුණතේ සලකුණු වී ඇති ඩයිනෝසර් පා සටහන් දහස් ගණනක් සොයා ගෙන තිබෙනවා.
රැය පහන් වන තෙක් එල්ල කෙරුණු රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්රේන වාසීන් 180,000 කට අධික පිරිසකට විදුලිය විසන්ධිව ඇතැයි, රජය අද (18) නිවේදනය කළේය. එරට කලාප පහක් වෙත ඊයේ (17) රාත්‍රී සිට රුසියානු ප්‍රහාර එල්ල විය.
සුඩානයේ ඩාෆුර් කලාපයේ අවතැන් කඳවුරක් අත්පත් කර ගැනීම පිණිස පසු ගිය අප්‍රේල් මස, අතුරු හමුදා දියත් කළ මෙහෙයුමකදී, සිවිල් වැසියන් 1000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, වාර්තා වේ.
එක්සත් ජනපදය ඊයේ (17) තායිවානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 11.1 ක අවි ගනුදෙනු අනුමත කළේය. තායිවානය මෙතෙක් ලද විශාලතම එක්සත් ජනපද අවි පැකේජය මෙය වේ. දිවයින වෙත දිනෙන් දින වර්ධනය වන චීනයේ බලපෑම හමුවේ මෙම අවි ගනුදෙනුව සිදු කෙරේ.
දැඩි ඊශ්‍රායල මැදිහත්වීම් ලිහිල් නොකෙරෙන්නේ නම්, ගාසා ඇතුළු පලස්තීන කලාපයේ මානුෂීය මෙහෙයුම් තවදුරටත් අඩපණ වීම නොවැලැක්විය හැකි බව, එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායම් ඊයේ (17) දන්වා සිටියහ. ආධාර බෙදා හැරීම තුළ ක්‍රියාත්මක විනිවිද භාවයෙන් තොර, විවාදාත්මක සේම උග්‍ර දේශපාලනීකරණයට යටත් ලියාපදිංචි ක්‍රියාවලිය හේතුවෙන් ගාසා මානුෂීය මෙහෙයුම් කඩාකප්පල් වී ඇතැයි, ඔවුහු චෝදනා කරති.
එක්සත් ජනපද සම්බාධක පැනවූ සියලු ඉන්ධන ප්‍රවාහන නෞකා, වෙනිසියුලාවට ඇතුළු වීම සහ ඉන් පිටවීම තහනම් කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (16) විශේෂ නියෝග නිකුත් කළේය.
දශක තුනක අවෑමෙන් ඕස්ට්‍රේලියාවේ සිදු වූ අති බිහිසුණු මිනිස් සංහාරයෙන් අනතුරුව, එරට ගිනි අවි සහ අරගල සම්බන්ධ නෛතික ප්‍රතිපාදන පුළුල් ප්රතිසංස්කරණයකට ලක් කෙරේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් 6ක් එක්කර ඇත.